මහල් නිවසින් බිමට Bowling පන්දුවක් විසිකළ පුද්ගලයා


අත්තනෝමතිකව හැසිරුණු තවත් පුද්ගලයකු අත්අඩංගුවට පත්වෙයි

.

සිය මහල් ගොඩනැගිල්ලේ 4 වන මහලේ කොරිඩෝවේ සිට පහලින් වූ වීථියට බරැති Bowling පන්දුවක් අත්හැර මිනීමැරීමට තැත් කළ බවට සැකපිට Hyogo ප්‍රාන්තයේ Akashi හි පොලිසිය විසින් 57 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 

 

වඩු කාර්මිකයෙකු වන Michio Shimizu විසින් 6.7 Kg ක් බරැති පන්දුව අප්‍රේල් 10 වන දින උදෑසන 10.40 ට පමණ  පහළට දමා ඇත. පොලිසිය විසින් බෝලය පහළට දැමූ බවට කළ චෝදනාව ඔහු පිළිගෙන ඇති නමුත් පහතින් සිටින කිසිවෙකු මරා දැමීමට එරෙහි චෝදනාව ඔහු ප්‍රතික්ෂේප කළ බව වාර්තා වේ .

 

එම සිටුවීමෙන් කිසිවෙකුටත් හානියක් වි නොමැති අතර පොලිසිය පැවසුවේ ඔහු මේ දක්වා පන්දුව අත්හැරීම පිළිබඳව කිසිදු  ප්‍රකාශයක් ලබා දී නොමැති බවයි.

156 Views

Comments