2021 වර්ෂය යනු ලොව පුරා බොහෝ රටවල් ඉතා දරුණු කාලගුණික හා දේශගුණික විපර්යාස වලට ලක් වූ වසරකි. ලැව්ගිනි, නායයෑම් , ගංවතුර , සුනාමි ආදී බොහෝ ස්වභාවික විපත්වලින් චීනය ,ඇමරිකාව , යුරෝපය සුළු බොහෝ රටවල්වල ජනතාව පීඩා විඳි වසරකි.
ගෝලීය වශයෙන් බලන කල 2021 වර්ෂය පොළොව මතුපිට උෂ්ණාධිකම හයවන වර්ෂය ලෙස මෑතකදී නාසා ආයතනය විසින් නිකුත් කළ වාර්තා වල සඳහන් වේ . එලෙසම පොලෝ පෘෂ්ඨය පහලින් සාගරය තුළ උෂ්ණත්වය 2021 වර්ෂයේ දී නව වාර්තාවක් ලබා දී ඇත.
කාලගුණ විද්‍යාඥ Kevin Trenberth ට අනුව පොළොව මතුපිට උෂ්ණත්වය දෛනිකව එහි වාසීන් විසින් අත්දකින අතරතුර සාගරයේ මතුපිට පෘෂ්ඨයේ අධික උෂ්ණත්වය කියාපාන්නේ පෘථිවිය තුළ අමතර උෂ්ණත්වය රැස් වන ආකාරය යි.
ඔහු හා පසුගිය දිනක දී පැවති සාකච්ඡාවක දී පවසා සිටි කරුණු අතර මෙලෙස අධිකව සාගර උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් බොහෝ නුදුරේ දී පෘථිවි වාසීන් ඉතා දරුණු ස්වභාවික විපත් වලට මුහුණ දීමට නියමිත බව ප්‍රකාශ වුණි.