අතුරුදහන් වූ ගුවන් යානය


තවමත් අබිරහසක්ව පවතින ගුවන් යානයේ කතාව

.

2014 දී, මැලේසියානු ගුවන් සේවයේ 370 ගුවන් යානය බීජිං වෙත ගමන් කල සාමාන්‍ය පියාසැරියක් අතරතුර අතුරුදහන් විය, ගුවන් ගමනාගමන පාලකයන් යානය එහි මාර්ගයෙන් බැහැර වන ආකාරය බලා සිටියදී එය හිටිහැටියෙ අතුරුදහන් වි ගියෙ ගුවන් ගමන් ඉතිහාසසෙ ලොකුම අබිරහසක් ඉතිරි කරමිනි.

 

මගීන් 227 හා කාර්යමණ්ඩලය 12 දෙනෙකුගෙන් පිරුණු මිල අධික බෝයිං 777 යානයෙහි කිසියම් හෝඩුවාවක් සොයාගැනීමට සෙවුම්  කණ්ඩායම් විශාල ප්‍රමාණයක් මුහුද සිසාරා සෙවුම් කටයුතු කලේය, ඉතිහාසයේ වැඩිම මුදලක් යොදා සිදුකරන ලද සෙවීම් සහ ගලවාගැනීම් මෙහෙයුමක් වූ එය කිසිදු පලක් නොමැති වූයේ, විශාල අභිරහසක් ලෝකයට ඉතුරු කොටය.

 

ගුවන් යානය මගින් ගමනාගමන පාලකයන්ට ලැබුනු අවසාන ගුවන්විදුලි සම්ප්‍රේෂණ පණිවිඩය වූයේ 

“සුබ රාත්‍රියක්” කියාය.

 

මෙම සිදුවීම අද දක්වාම නොවිසඳී පවතින අභිරහසකි

206 Views

Comments