යුක්රේනයේ රුසියානු ආක්‍රමණයට ප්‍රතිචාර දැක්වීම සම්බන්ධයෙන් සමීපව සාකච්ඡා කිරීමට ජපානය සහ මධ්‍යම ආසියානු රටවල් පහක් සිකුරාදා ප්‍රතිඥා දුන් බව ජපාන විදේශ අමාත්‍යාංශය පැවැසීය.
කසකස්තානය, කිර්ගිස්තානය, ටජිකිස්තානය, ටර්ක්මෙනිස්තානය සහ උස්බෙකිස්තානය යන රටවල ඇමතිවරුන් සහ නිලධාරීන් සමඟ මාර්ගගත ක්‍රමය යටතේ පැවැති සාකච්ඡා අතරතුර දි , විදේශ අමාත්‍ය Yoshimasa Hayashi පෙබරවාරි මස අගදී ආරම්භ වූ යුක්රේනයට එරෙහි මොස්කව් ආක්‍රමණය ජාත්‍යන්තර නීතිය බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් ලෙස හෙළා දුටුවේය.
පැරණි සෝවියට් සංගමයෙන් නිදහස ලැබීමෙන් පසු මධ්‍යම ආසියාතික රටවල් පහ සමඟ ජපානය රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 30 වැනි සංවත්සරය මේ වසරේ සනිටුහන් කෙරිණි