Kukure Curry රසැති potato chips වෙළඳපලට


ජපාන ව්‍යාංජන ඔවුන්ගේම ආරයකට  සැකසෙන මදක් ඝන සෝස් එකක් සහිත දැවිල්ලට වඩා පැණි රස කට හුරු නිපැයුමකි.

.

ජපාන ව්‍යාංජන ඔවුන්ගේම ආරයකට  සැකසෙන මදක් ඝන සෝස් එකක් සහිත දැවිල්ලට වඩා පැණි රස කට හුරු නිපැයුමකි.

 

බත් පිඟානකට උඩින් එම ව්‍යංජනය සමග ගැඹුරු තෙලේ බැදගත් ඌරු මස් වයස් භේදයකින් තොරව සෑම ජපාන වාසියෙක් පාසා ඉතා ප්‍රිය කරන ආහාරයකි.

 

තවද ජපානය තුළ දී ඕනෑම කෙනෙක්ට  කලින්  පිසූ ලෙස සකසා ඇති ව්‍යංජන retorts නම් වූ කුඩා  මලු වල බහා ලබාගත හැක. ඕනෑම කෙනෙක්ට එය ක්ෂණිකව රත්කර ආහාරයට ගත හැකි ලෙස සකස් කර තිබේ . එවන් ව්‍යංජන අතර ඉතා ප්‍රසිද්ධ ව්‍යංජනයක් වන්නේ ජපාන Kukure Curryවේ. මෙම ව්‍යංජනය එලෙස කුඩා බහාලුම්වල පැමිණි ප්‍රථම ව්‍යංජනය වන අතර එය හඳුන්වා දුන්නේ  1971 දීය.එහෙනම් මේ වන විට එය පනස් වන සංවත්සරය සමරමින් සිටියි.

 

පනස්වන වර්ෂ සැමරුම යනු අගනා සන්ධිස්ථානයක් වන හෙයින් Kukure Curry හඳුන්වාදුන් House Food ආයතනය තවත් කෙටි කෑම සමාගමක් වන O'Zack හා සම්බන්ධවී Kukure Curry රසැති potato chips හඳුන්වාදීමට සැරසේ. නිසැකයෙන්ම මෙය ජපාන වාසීන්ගේ මීළඟ ඇබ්බැහි වන බවට එම ආයතන තහවුරු කරයි.

287 Views

Comments