ජපානයේ බාල වයස්කාර පවුල් රැකබලා ගන්නන්


ජපානයේ බොහෝ පාසල් සිසුන් පවුල් ද රැක බලා ගන්නා බව සමීක්ෂණයකින් හෙළිවේ

.

සැලකිය යුතු බාල වයස්කරුවන් සංඛ්‍යාවක්, පවුල් සඳහා හෙද සත්කාර සහ වෙනත් උපකාර සපයන  ප්‍රාථමික පාසල් සිසුන් බව හයවන ශ්‍රේණියේ සිසුන් ඉලක්ක කර ගත්  රජයේ ආරම්භක සමීක්ෂණයකින් හෙළි වී තිබේ.

 

සමීක්ෂණයට ඉලක්ක වූ සිසුන් අතරින් 15 දෙනෙකුගෙන් එක් අයෙක් පමණ තම පවුලට රැකවරණය සපයමින් සිටින බව අනාවරණය වී ඇත.

 

නවතම සමීක්ෂණය ඉලක්ක කරගත් සිසුන්ගෙන් 70% ක් පමණ පැවසුවේ ඔවුන් සහෝදර සහෝදරියන් රැකබලා ගන්නා බවයි.    ඔවුන් රැකවරණය සඳහා වැඩි කාලයක් ගත කරන තරමටම , ඔවුන් පාසලට ප්‍රමාද වී පැමිණීම සහ දුර්වල ලකුණු ලබා ගැනීම වැනි ගැටළු වලට මුහුණ දීමට වැඩි ඉඩක් ඇති බව සමික්ෂණයෙන් හෙළිවී තිබේ.

Comments