තනිව ජීවත් වූ 86 හැවිරිදි Kyoko Fukuyama නම් වූ කාන්තාව අතුරුදන් වූ බවට ඇගේ පවුලේ සාමාජිකයන් විසින් අප්‍රේල් 13 වන දින සිදු කළ පැමිණිල්ලකට අනුව පරික්ෂා කිරිමේදි කඳුකර වනාන්තරයක තිබී සැක සහිත ලෙස මිය ගොස් තිබු කාන්තාවගේ මළ සිරුර හමුවූ බව Kagoshima පොලිසිය සිකුරාදා පැවැසීය.
ඥාතීන් අවසන් වරට අප්‍රේල් 12 දින රාත්‍රියේ ඇයට කතා කර ඇති අතර අප්‍රේල් 13 දින උදෑසන ඔවුන් ඇගේ නිවසට ගියද ඇය නිවසේ නොසිටීම නිසා ඔවුන් පොලිසියට මේ පිළිබඳව පැමිණිලි කර තිබේ.
පස්වරු 4 ට පමණ වනාන්තරයේ 6m උස ගල්තලාවක් පතුලේ තිබී හමුවූ මළසිරුර පරික්ෂා කිරිමේදී මානසික කම්පනයකින් ෆුකුයාමා මිය ගොස් ඇති බව වාර්තා විය. ඇය කඳු බෑවුමෙන් වැටීමට හෝ තල්ලු කිරීමට පෙර ඇගේ තුවාල සිදුවී ඇති බවත් නිරීක්ෂණය වී ඇත.