මධ්‍යම ජපානයේ Shizuoka ප්‍රාන්තයේ අතින් රෝල් කරන ලද නව ජපන් තේ දළු 1Kg ක ප්‍රමාණයක් සඳුදා පැවති මංගල වෙන්දේසියේදී වාර්තාගත යෙන් මිලියන 1.96 කට අලෙවි විය.
හරිත තේ දළු Fujinomiya හි වගා කරන ලද අතර, නවතම භෝග සඳහා ලංසු තැබීම Shizuoka Japanese Tea Market හි වාර්ෂික වෙන්දේසියේදී සිදු කරන ලදී. Shizuoka ප්‍රාන්තය එහි හරිත තේ සඳහා ජපානය පුරා ප්‍රසිද්ධය. මෙවර තේ වෙනදාට වඩා සෙමින් වර්ධනය වුවද එහි ගුණාත්මක භාවය ඉහළ මට්ටමක පවතින බව වෙළෙඳ පොළ නිලධාරීහු පැවසූහ.
Shizuoka Japanese Tea Market වාර්තා කළේ පෙ.ව 8. 10 වන විට Shizuoka හි වගා කරන ලද හරිත තේ වල වෙළඳ පරිමාව 1,732 Kg ක් වූ අතර සාමාන්‍ය කිලෝග්රෑමයකට මිල යෙන් 5,027 වූ බවයි.