ජපාන තැපැල් පනත උල්ලංඝනය කරමින්තැපැල් භාණ්ඩ හත්දාහක් කුණු කූඩයට දැමූ විසි හැවිරිදි තැපැල් සේවකයෙකු osaka ප්රාන්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය පවසන පරිදි Yasuyuki Hara නම් එම පුද්ගලයා ඔහුගේ වරද පිළිගෙන ඇති අතරඑතරම් තැපැල් භාණ්ඩ ප්රමාණයක් බෙදාහැරීම වෙහෙසකාරී වන නිසා ඔහුගේ මෝටර් රථයේ රැගෙන ගොස් සියලු භාණ්ඩ විසිකර දැමූ බව ඔහුගෙන් සිදු කළ ප්රශ්න වල දී හෙළි කර ඇත.
ඔහු මේ සියලූ භාණ්ඩ සහිත මලු සකායි නගරයේ කැලෑබද ප්රදේශයක දී හිස් කර ඇති අතර ඔහුගේ එම ක්රියාව දුටු එම ප්රදේශයෙන් ගමන් ගනිමින් සිටි පුද්ගලයෙකුගෙන් ලද තොරතුරක් අනුව පොලිසිය මෙම පුද්ගලයාව අත්අඩංගුවට ගෙන ඇත.ඔහු විසික් කල තැපැල් පත් අතර covid නයින්ටීන් එන්නත ලබා ගැනීම සඳහා ජනතාවට නිකුත් කළ ටිකට් පත් රාශියක් ද තිබී ඇත. තවද මෙතෙක් අදාල ස්ථානවලට ලබා නොදුන් තැපැල් භාණ්ඩ 4000 පමණ ප්රමාණයක් ඔහුගේ නිවසේ තිබී සොයාගෙන ඇත.