Ibaraki සහ Fukushima ප්‍රාන්තවල මෙන්ම ජපානයේ අනෙකුත් ප්‍රදේශවලට අද දින උදෑසන රිච්ටර් මාපකයේ 5.3ක ප්‍රබලත්වයකින් යුත් භූමිකම්පාවක් ඇති වූ බව ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය පැවැසීය.
ජපානයේ උතුරු Ibaraki හි පෙ.ව 8.16 ට ඇති වූ භූමිකම්පාව භූකම්පන තීව්‍රතා පරිමාණය 7 ට අඩුවෙන් 5 මට්ටමේ සටහන් වී තිබු අතර Ibaraki, Fukushima, Tochigi සහ Saitama ප්‍රාන්තවල කොටස් 4 ක් ලෙස සටහන් විය.
සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති මෙම භූකම්පනය Fukushima හි අභ්‍යන්තර ප්‍රදේශයක කිලෝමීටර් 90ක් පමණ ගැඹුරින් හටගෙන ඇති බව වාර්තා වේ.