පෙර පාසල් අධ්‍යාපන ආයතන රැසක් ඔමික්‍රොන් වෛරසය පැතිරයාම හමුවේ අකර්මණ්‍ය වී ඇති බවත් රටපුරා අතර පාසල් අනූවකට අධික ප්‍රමාණයක් වසා දැමීමට සිදුව ඇති බවත් ආරංචි මාර්ග සඳහන් කරයි.
පසුගියදා ටෝකියෝ හි පෙර පාසලකින් කුඩා දරුවන් හත් දෙනකු වෛරසයට ගොදුරු වී තිබූ අතර ටෝකියෝ බලධාරීන් පවසන්නේ ආරක්ෂක ක්‍රියාමාර්ගයක් ලෙස පෙර පාසල් සියල්ල දැනට වසා දමා ඇති බවයි. දැනට විවෘතව පවතින පාසල් කිහිපය ඉතා දැඩි සෞඛ්‍ය නීති රීති යටතේ පවත්වාගෙන යනු ලබන අතර දරුවන් භාවිත කරන සියලුම උපකරණ නිරන්තරයෙන් විසබීජහරණය ට ලක් කරන බව දැනගන්නට ලැබේ.