සියදිවි නසා ගත් මව සහ දියණිය


මව සහ දියණිය සියදිවි නසාගනී

.

Saitama ප්‍රාන්තයේ Asaka හි මහල් නිවාස ගොඩනැගිල්ලක පිටත භූමියේ 34 හැවිරිදි කාන්තාවක් සහ ඇගේ මාස 10 ක් වයසැති දියණිය මියගොස් සිටියදී ඉරිදා සොයා ගෙන ඇත. 

 

ගොඩනැගිල්ලේ සිටි පදිංචිකරුවෙකුගෙන් උදෑසන 8.30 ට පමණ  ලද ඇමතුමක් අනුව පොලිසිය එම ස්ථානයට පැමිනෙන විටත් ඔවුන් දෙදෙනාම  මියගොස් සිටි බව වාර්තා විය. සිරුරු දෙකේම තැලීම් දක්නට ලැබුණු අතර ඒවා බිමට වැටීමෙන් ඇති වූ බවට සැලකේ.

 

ඇය සිය සැමියා සහ දියණිය සමඟ මෙම මහල් නිවාසයේ ජීවත් වී ඇති අතර සියදිවි නසා ගැනීමට හේතුව සොයා ගැනීමට පොලිසිය ඇගේ සැමියාගෙන් ප්‍රශ්න කිරීම් ආරම්භ කර තිබේ.

173 Views

Comments