වර්ෂ 2011 දී සිදු වූ Fukushima න්‍යෂ්ටික බලාගාරයේ පිපිරීමෙන් ඇතිවූ අහිතකර න්‍යෂ්ටික විකිරණශීලිත්වය නිසා තයිරොයිඩ් පිලිකා තත්ත්වයකට ගොදුරු වූ ජපාන ජාතිකයන් 6 දෙනෙකු විසින් සිය නීතිඥයන් හරහා ටෝකියෝ බලශක්ති සමාගමෙන් ජපාන යෙන් මිලියන 616 ක වන්දියක් ඉල්ලීමට ක්‍රියාකර තිබේ.
මෙම පෙත්සම්කරුවන් සියලු දෙනා වයස අවුරුදු හයේ සිට 16 දක්වා වයස්වල පසුවන දරුවන් වීම විශේෂත්වයකි.