චීන විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කෙරේ


චීන වැඩිහිටියන්ට තවත් වසර කීපයක් සේවය කිරීමට අවස්ථාව ලැබේ

.

චීනයේ රජයේ සේවකයින්ගේ විශ්‍රාම යන වයස්සීමාව 65 දක්වා ඉහළ දැමීමට එරට පාලක කොමියුනිස්ට් පක්ෂය තීරණය කර තිබේ.

 

විශ්‍රාම වැටුප් සඳහා වැය වන අධික රාජ්‍ය වියදම් පාලනය කිරීම සදහා ඔවුන් මෙම තීරණයට එළඹ ඇති බව විදෙස් වාර්තා උපුටා දක්වයි.

 

මෙතෙක් පැවති නීතියට අනුව අවුරුදු 50ත් 60ත් අතර කාලයේදී චීනයේ රාජ්‍ය සේවකයින්ට විශ්‍රාම යාමට අවස්ථාව හිමිව තිබුණි.

Comments