දුම්රිය වේදිකාවේදී ඝාතනයට තැත් කළ පුද්ගලයා


Tennoji දුම්රිය වේදිකාවේ පුද්ගලයන් දෙදෙනකු අතර ගැටුමක් ඇති වෙයි

.

අද දින උදෑසන 7. 30 ට පමණ JR Tennoji දුම්රිය වේදිකාවේ රැදී සිටි 63 හැවිරිදි පුද්ගලයෙක් දුම්රිය මාර්ගයට වැටී ඇති අතර ආරවුලකින් පසු ඔහුව තල්ලු කළ බවට සැකපිට තවත් මගියෙකු එම ස්ථානයේදීම අත්අඩංගුවට ගෙන තිබේ. 

 

Osaka ප්‍රාන්ත පොලිසියේ Tennoji පොලිස් ස්ථානය පැවසුවේ අසල්වැසි Nara ප්‍රාන්තයේ අගනුවර ජීවත් වූ 50 හැවිරිදි Yasuyuki Onishi මෙලෙස අත්අඩංගුවට පත් වූ අතර තුවාලකරුගේ පාදවලට සුළුවෙන් හානි සිදුවී තිබුණත් දුම්රියක නොගැටී ඉක්මනින්ම ඔහුව බේරා ගැනීමට හැකි වූ බවයි .  

 

බටහිර ජපන් දුම්රිය සමාගම සහ අනෙකුත් මූලාශ්‍රවලට අනුව, Osaka Loop Line සහ Kansai Line ඇතුළු සේවාවන් භාවිතා කරන අංක 17 වේදිකාවේ මෙම සිද්ධිය සිදුවී ඇත.දුම්රියේ කොන්දොස්තරවරයා අංක 17 ට මදක් එපිටින් පිහිටි අංක 16 දරණ වේදිකාවේ දුම්රිය නැවැත්වූ අතර, මිනිසා වැටී සිටිනු දැක, අසල ඇති සියලුම දුම්රිය නැවැත්වීමට හදිසි ගුවන් විදුලියක් ක්‍රියාත්මක කොට තිබේ.

110 Views

Comments