යුක්‍රේනයට කඩිනමින් සැපයෙන විදේශීය ආධාර


යුක්රේනයට තවදුරටත් විදේශීය ආධාර හිමිවෙයි

.

රුසියාව සිය අසල්වැසි රටේ නැගෙනහිර කොටසේ නව හමුදා ප්‍රහාරයක් ආරම්භ කරන බැවින් එක්සත් ජනපදය, ජපානය සහ යුරෝපා සංගමයේ නායකයින් යුක්‍රේනයට අවශ්‍ය කඩිනම් සහය අඛණ්ඩව ලබා දීමට අඟහරුවාදා පැවැති සාකච්ඡාවකදී එකඟ වූ බව ජපාන විදේශ අමාත්‍යාංශය පැවැසීය. 

 

අග්‍රාමාත්‍ය Fumio Kishida වීඩියෝ ඇමතුමකදී සිය සගයන්ට කියා සිටියේ ජපාන රජය විසින් Kyiv වෙත ලබා දීමට නියමිත ණය ප්‍රමාණය ඩොලර් මිලියන 100 සිට ඩොලර් මිලියන 300 දක්වා වැඩි කරන බවත්, යුක්රේනයේ ආර්ථිකයට අත්වැල් සැපයීම “හදිසි කාර්යයක්” බවත් ය.

 

2014 දී රුසියාව විසින් ඈඳාගත් ක්‍රිමියාව සමඟ රුසියානු හිතවාදී බෙදුම්වාදීන් සිටින නැගෙනහිර Donbas කලාපය සම්බන්ධ කරන ප්‍රධාන ප්‍රදේශයක් වන ගිනිකොනදිග වරාය නගරයක් වන Mariupol වෙත රුසියාව දිගටම ප්‍රහාර එල්ල කරගෙන යන බැවින් සිවිල් ජීවිත හානි තවදුරටත් ඉහළ යා හැකි බවට නායකයෝ මෙම සාකච්ඡාවේදී දැඩි කනස්සල්ල පළ කළහ.

119 Views

Comments