පසුගියදා පැවති මාර්ගගත ලෝක ආර්ථික සමුළුව අමතමින් ජපාන අග්‍රාමාත්‍ය Fumio Kishida නව ආරක ධනවාදී පන්තියක් නිර්මාණය කිරීමේ උත්සාහයක් ලෙස හරිත හා ඩිජිටල් පරිනාමයක් සඳහා පසුබිම සකස් කිරීමට පොරොන්දු වී ඇත.
ඔහුගේ කතාවේ දී තවදුරටත් ප්රජාතන්ත්ර වාදය වැනි සාධක රැකගනිමින් ආර්ථිකය හා සමාජ ක්රමයන් සම්පූර්ණ අලුත්වැඩියා කිරීමට ඇති දැඩි අවශ්‍යතාවය පෙන්වා දී ඇත. චීනය වැනි රාජ්‍ය ධනවාදී පන්තියක් සහිත රටවල මතුවී ඇති අවදානම් තත්ත්ව උදාහරණයට ගනිමින් ඔහු මේ පිළිබඳව පවසා තිබේ.