G-20 සහයෝගීතාවය ඉල්ලු IMF ප්‍රධානියා


G20 රටවලින් IMF ආධාර පතයි

.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ප්‍රධානී Kristalina Georgieva විසින් යුක්‍රේනයේ රුසියානු යුද්ධය සම්බන්ධයෙන් සාමාජිකයින් අතර පවතින ආතතීන් මධ්‍යයේ ප්‍රධාන ආර්ථිකයන් 20 ක කණ්ඩායම තුළ සහයෝගීතාව පසුගිය බදාදා  ඉල්ලා සිටි අතර එය "දුෂ්කර මොහොතක්" බව පිළිගෙන ඇත. 

 

එක්සත් ජනපදය සහ එහි මිත්‍ර රටවල් සම්බාධක සහ අනෙකුත් දණ්ඩනීය ක්‍රියාමාර්ග භාවිතයෙන් රුසියාව ගෝලීය මූල්‍ය පද්ධතියෙන් හුදකලා කිරීමේ ප්‍රයත්නයන් වේගවත් කිරීම සිදු කරමින් සිටියදී මෙලෙස සහයෝගීතාව ඉල්ලා තිබේ. රුසියාව ජාත්‍යන්තර ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධීකරණය සඳහා වූ මෙම සංසදයේ  සාමාජිකයෙකු වන බැවින් G-20 තවදුරටත් ක්‍රියාත්මක විය හැකිද යන්න පිළිබඳව මේ වන විට ප්‍රශ්න මතුවී තිබේ. 

 

පෙබරවාරි 24 වැනි දින රුසියාව ආක්‍රමණ ආරම්භ කිරීමෙන් පසු පැවැත්වෙන පළමු G-20 අමාත්‍ය මණ්ඩල සාකච්ඡාව ලෙස මෙම රැස්වීම අවධානයට ලක්ව ඇති අතර බ්‍රිතාන්‍යය, කැනඩාව, ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය, ජපානය සහ  එක්සත් ජනපදය G-20 සාමාජිකයින් හත්දෙනාගේ කණ්ඩායමට ඇතුළත් වේ. එයට අමතරව යුරෝපා සංගමය මෙන්ම චීනය, ඉන්දියාව සහ සෞදි අරාබිය වැනි නැගී එන ආර්ථිකයන් සහිත රටවල්ද  මෙයට අයත් වේ.

128 Views

Comments