අතරමං වූ පාසල් සිසුවෙකු බේරාගත්  ප්‍රාථමික පාසල් සිසුවා


ප්‍රාථමික පාසල් සිසුවෙකු අතරමං වූ තවත් සිසුවෙකුට නිවසට යාමට මග සලස්වයි

.

පාර සොයාගැනීමට නොහැකිව අතරමං වූ පළමු ශ්‍රේණියේ ඉගෙනුම ලබන පාසල් සිසුවෙකු ආරක්ෂිතව පොලිස් මධ්‍යස්ථානයකට  භාර දුන් පස්වන ශ්‍රේණියේ පාසල් සිසුවෙකුට මෙට්‍රොපොලිටන් පොලිස් දෙපාර්තමේන්තුවේ Nishiarai පොලිස් ස්ථානය විසින් අප්‍රේල් 20 දින අගය කිරීමේ ලිපියක් ලබා දී තිබේ. 

 

අප්‍රේල් 7 වන දින පස්වරුවේ මෙම 6 හැවිරිදි පිරිමි දරුවා ටෝකියෝවේ Adachi Ward හි Kita-Senju දුම්රිය ස්ථානය අසල සිටියදී 10 හැවිරිදි Seima Tabata සමඟ කතා කොට තිබේ. “මම ගෙදර යන්නේ කොහොමද කියලා දන්නේ නැහැ " ඔහු පැවැසූ විට "ඔබ ජීවත් වන්නේ කොහේද?" යනුවෙන් Tabata විමසා තිබේ.  කුඩා පිරිමි දරුවා "නිෂිරායි" යැයි පිළිතුරු දුන් නිසා , ඔවුන් දෙදෙනා දුම්රියට ගොඩ වී ඇත. 

 

අඩන්න සුදානම් වූ දරුවා සන්සුන් කරගනිමින් Tabata ඔහුව Nishiarai දුම්රිය ස්ථානය ඉදිරිපිට පොලිස් මධ්‍යස්ථානය වෙත ගෙන ගොස් භාර දී ඇත. 

 

එදින දරුවා තනිවම නිවසට යන පළමු දිනය වූ අතර ඔහු වැරදි බස් රථයකට නැඟී අතරමං වී තිබේ. Nishiarai පොලිස් ස්ථානාධිපති Takahiro Hata Tabata "එය මහත් ධෛර්යයෙන් සහ කරුණාවෙන් පිරුණු ප්‍රශංසනීය ක්‍රියාවක්" යැයි පවසමින් Tabata හට ප්‍රශංසා කළේය.

Comments