ජපානයේ ඉහළ යන ආරක්ෂක වියදම්


ජපාන රජය විසින් ජපානයේ ආරක්ෂාව පිළිබඳව වැය කළ යුතු පිරිවැය තවත් ඉහළ යයි

.

ජාතික දළ දේශීය නිෂ්පාදිතයෙන් 2%  කට සමාන මුදලක් එනම් වත්මන් මට්ටම මෙන් දෙගුණයකින් සිය ආරක්ෂක වියදම් තියුනු ලෙස වැඩි කරන ලෙස ආන්ඩුව යෝජනා කරන බව ජපානයේ පාලක ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ පක්ෂ සාමාජිකයින් බ්‍රහස්පතින්දා ප්‍රකාශ කළහ.  

 

ආණ්ඩුවේ ජාතික ආරක්‍ෂක උපාය මාර්ග සංශෝධනය කිරීම සඳහා වන පක්‍ෂයේ කෙටුම්පත් යෝජනාව ලබන සතියේ අගමැති ෆුමියෝ කිෂිඩා වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර සතුරු රටක මිසයිල අක්‍රිය කිරීමේ හැකියාව මෙන්ම එහි අණ සහ පාලන පද්ධති විනාශ කිරිම පිළිබඳ පවතින මතභේදාත්මක අදහස්ද එහි අන්තර්ගත වේ. 

 

පසුගිය මාසයේ උතුරු කොරියාව විසින් සිදු කරන ලද අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිල අත්හදා බැලීම් මෙන්ම චිනයේ  මිලිටරීකරණය වැඩෙන මිසයිල සහ න්‍යෂ්ටික තර්ජනයක් ලෙස රට කෙරෙහි නව අවධානයක් යොමු කර තිබීම මෙයට හේතුවයි.

Comments