වසන්තයේ දී Corona වෛරසයට එරෙහිව පැනවූ දැඩි සංචාරක සිමා ලිහිල් කිරීමෙන් පසුව ඊසානදිග ජපාන නගරයේ ජපන් භාෂා පාසලක ප්රවේශ උත්සවයට සහභාගී වූ රටවල් නවයක සිසුන් අසූ දෙදෙනෙකුට “අවසානයේ ජපානයට පැමිණීමට” හැකි වි තිබේ .
සෙන්ඩායි හි ජපන් භාෂා පාසලක් වන Mirai no Mori Gakuen හි සිසුන් 10 දෙනෙකුට පමණ ඇතුළත් වීමේ සීමාවන් හේතුවෙන් ඇතුළත් වීම අත්හැරීමට සිදු විය. ඉන්දියාව, වියට්නාමය සහ වෙනත් රටවලින් පැමිණි නවක සිසුන් වසංගතය නිසා බොහෝ කාලයක් බලා සිටි නමුත් ඔවුන් එය අත් නොහැරීම නිසා පාසලට ඇතුල් වීමට හැකිවී තිබේ.
පාසල් අධ්යක්ෂ Toru Yuki සිසුන් අමතමින්, "කරුණාකර ඔබේ සිහින සැබෑ කර ගැනීමට සෑම දිනකම වෙහෙස මහන්සි වී ඉගෙන ගන්න" යනුවෙන් පැවැසීය.