ළමුන් සදහා වූ එන්නත්කරණයට බාධා එල්ල කරන QAnon


QAnon සංවිධානය මගින් covid එන්නත සඳහා නැවත නැවත බාධා ඇති කරයි

.

අප්‍රේල් 7 දින ටෝකියෝ හි ළමුන් සඳහා Corona එන්නත් ලබා දෙන ස්ථානයකට QAnon හි ජපන් හස්තයේ නායකයෙකු යැයි කියා ගන්නා පුද්ගලයෙකු කඩාවැදී බාධා කිරීම සම්බන්ධයෙන් සැකපිට ඊයේ අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවැසීය. 

 

43 හැවිරිදි Hiroyuki Kuraoka මෙලෙස අත්අඩංගුවට පත් වූ අතර COVID-19 එන්නත් වලට දැඩි ලෙස විරුද්ධ YamatoQ කණ්ඩායමේ සාමාජිකයන් යැයි විශ්වාස කරන පුද්ගලයින් සම්බන්ධයෙන් සිදුකළ අත්අඩංගුවට ගැනීම් මාලාවේ නවතම සිදුවීම ලෙස මෙය හැඳින්විය හැකිය. 

 

Kuraoka ඇතුළු YamatoQ සාමාජිකයින් 10 දෙනෙකු පමණ එදින සායනයට කඩා වැදී "එන්නත් කිරීම අපරාධයක්" යැයි කෑගසමින් සායනයේ අධ්‍යක්ෂවරයා සමඟ කතා කරන ලෙස ඉල්ලා සිටි බව පොලිසිය වාර්තා කලේය. 

 

මෙම කණ්ඩායමේ සාමාජිකයන් යැයි සැලකෙන සිව් දෙනෙකු අප්‍රේල් 7 වන දින එම ස්ථානයේදීම අත්අඩංගුවට ගෙන ඇත.YamatoQ සිය වෙබ් අඩවියේ පවසන්නේ එය හිටපු එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සහය දැක්වීම සඳහා අන්තර්ජාල කුමන්ත්‍රණ න්‍යායන් පතුරුවන ව්‍යාපාරයක් වන QAnon හි ජපන් අංශය බවයි.

158 Views

Comments