මුහුණපුරා සීරුම් තුවාල සහිත වයස අවුරුදු  15ක පිරිමි  ළමයෙකු මරණයට


තම නිදන කාමරය තුළ සිහිසුන්ව සිටිවයස අවුරුදු 15ක පිරිමි ළමයකු Shiraoka, Saitamaපොලිසිය විසින් පසුගියදා සොයාගෙන තිබිණි.පො?

.

තම නිදන කාමරය තුළ සිහිසුන්ව සිටිවයස අවුරුදු 15ක පිරිමි ළමයකු Shiraoka, Saitamaපොලිසිය විසින් පසුගියදා සොයාගෙන තිබිණි.පොලිසිය විසින් රෝහල් ගත කිරීමෙන් පසුව ඔහු මියගොස් ඇත. 

 

පොලිස් ආරංචිමාර්ග වලට අනුව පසුගිය ජනවාරි 15 වැනිදා උදෑසන 4.50ට පමණ ඔහුගේ මව 119 අමතා ඔහු අර්ධ සිහිසුන් වූ  ඇඳේ වැතිර සිටින බව පවසා ඇත . එම නිවසට ළඟා වූ අනුපූරක වෛද්‍ය කණ්ඩායම ඔහුගේ මුහුණ පුරා සීරීම්  සලකුණු නිරීක්ෂණය කර ඒ බව පොලිසියට දන්වා තිබුණි.

 

රෝහල් ගත කිරීමෙන් පසුව පසුගිය අගහරුවාදා දින මෙම පිරිමි දරුවා මියගොස් ඇති  අතර එම මරණය සම්බන්ධයෙන් අධිකරණ මරණ පරීක්ෂණයක් සිදුකරන ලෙස නියෝග කර තිබුණි .

304 Views

Comments