අද දින ජපානයේ අගනුවර නව Corona ආසාදිතයන් 5396 ක් වාර්තා වූ බව ටෝකියෝ මෙට්‍රොපොලිටන් රජය නිවේදනය කළේය.
ඔවුන්ගෙන් 2557 කට COVID එන්නත් දෙකක් ලබා දී ඇති අතර 45 කට එක් එන්නතක් පමණක් ලබා දී තිබේ. අසාදිතයන් 1434 ක් කිසිඳු එන්නතක් ලබාගෙන නොමැති අතර 1360 ක එන්නත් තත්ත්වය නොදන්නා බව පැවැසේ.
COVID-19 මරණ නවයක් අද දිනය තුළ වාර්තා වී ඇති අතර මේ වන විට ටෝකියෝවේ මුළු Corona මරණ සංඛ්‍යාව 4301 කි. ටෝකියෝවේ මේ දක්වා සමස්ත ආසාදන 1,401,933 ක් වාර්තා වී ඇති අතර එය ජපානයේ ප්‍රාන්ත 47 න් වැඩිම සංඛ්‍යාව ලෙස දැක්වේ.