Tuvalu අගමැති හා ජපාන අගමැති නිල හමුව


Tuvalu හා ජපානය අතර සම්බන්ධතා දැඩි වෙයි

.

අගමැති Fumio Kishida සෙනසුරාදා සිය Tuvalu සගයා හමුවීමෙන් පසු පැසිෆික් දූපත් රාජ්‍යයන් සම්බන්ධයෙන් චීනයේ හැසිරීම පිළිබඳව ජපානය දැඩි අවධානයෙන් සිටින බව පැවසීය.

 

චීනය සහ සොලමන් දූපත් අතර ආරක්ෂක ගිවිසුමක් මෑතදී අත්සන් කිරීම බීජිං හි ව්‍යාප්තිය පිළිබඳ කලාපීය කනස්සල්ලට හේතු වී ඇති අතර, ගිවිසුම මගින් එම දූපත් වලට චීන හමුදා යෙදවීමට හැකියාව ලැබෙන බව වාර්තා වේ.

 

"පැසිෆික් දූපත් කලාපය තුළ චීනයේ ක්‍රියාපටිපාටිය සම්බන්ධයෙන් මෑත කාලීන වර්ධනයන් පිළිබඳව අපි අදහස් හුවමාරු කර ගත්තෙමු " යනූවෙන් Kishida වැඩි විස්තර ලබා නොදී Kumamoto හි නිරිතදිග ප්‍රාන්ත වාර්තාකරුවන් හට පැවසීය.

 

Tuvalu අගමැති Kausea Natano සමඟ පැවැත්වූ මෙම රැස්වීමේදී "නිදහස් සහ විවෘත" ඉන්දු පැසිෆික් කලාපයක් ඉලක්ක කර ගැනීමට නායකයින් දෙදෙනා දෙදෙනා එකඟ වී තිබේ .

95 Views

Comments