විශ්වවිද්‍යාලය ඉදිරිපිට පිහි ඇනුම සිදුකළ සැකකාර තරුණයා ගේ පියා මහජනතාවගෙන් සමාව ඉල්ලයි


පසුගිය සෙනසුරාදා උදෑසන ටෝකියෝ විශ්ව විද්‍යාලය ඉදිරිපිට රැස්ව සිටි පිරිස අතරින් විශ්වවිද්‍යාල පිවිසීමෙ

.

පසුගිය සෙනසුරාදා උදෑසන ටෝකියෝ විශ්ව විද්‍යාලය ඉදිරිපිට රැස්ව සිටි පිරිස අතරින් විශ්වවිද්‍යාල පිවිසීමෙ විභාගයට පෙනී සිටීමට සූදානම් ව සිටී සිසුන් දෙදෙනෙකුට සහ 72 හැවිරිදි වයස්ගත පුද්ගලයකුට පිහි ඇනුම සිදුකර තුවාල කිරීම හේතුවෙන් සැකපිට අත්අඩංගුවට ගත් 17 හැවිරිදි තරුණයාගේ පියා ඔහුගේ නීතිඥවරයා හරහා මහ ජනතාවගෙන් සමාව ඉල්ලා තිබුණි. 

 

පොලිසිය පවසන පරිදි මෙම තරුණයා පාසලේ දී හොඳින් ක්‍රියාකල අයෙකු නොවන අතර මෙම සිදුවීම් හේතුකොටගෙන තමන්ගේ මරණය සිදු කර ගැනීමට ඔහුට අවශ්‍යව තිබූ බවක් ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය කරගෙන ඇත

 

තම පුතුගේ නොමනා හැසිරීම නිසා අපහසුතාවයට ලක් වූ සියලුම දෙනාගෙන් ඔහු සමාව ගන්නා බවත් පිහි ඇනුම් හේතුවෙන් තුවාල වූ සෑම දෙනා හට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බවත් ඔහුගේ ප්‍රකාශයේ දී ඔහු පවසා තිබුණි.

Comments