මුහුදුබත් වූ සංචාරක යාත්‍රාවේ මුදා ගැනිමේ මෙහෙයුම්


මුහුදුබත් වූ සංචාරක යාත්‍රාව මුදා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කෙරේ

.

මගීන් 26 දෙනෙකු සහ කාර්ය මණ්ඩලය රැගෙන  Hokkaido හි Shiretoko අර්ධද්වීපයෙන් Kashuni ඇල්ලෙන්  ඔබ්බට ගමන් කරමින් තිබියදී අනතුරට පත්වූ සංචාරක යාත්‍රාවේ සිටි මගීන් හත් දෙනෙකු අද දින අලුයම සොයා ගත් බව ජපාන වෙරළාරක්ෂක නිලධාරියා වාර්තා කළේය. 

 

සෙනසුරාදා ප.ව 1.15 ට පමණ ජපානයේ උතුරු ප්‍රධාන දූපතට ඔබ්බෙන් තිබියදී  අවසානය වශයෙන් යාත්‍රාවේ පණිවිඩ වෙරළාරක්ෂක අංශයට වාර්තා වී ඇති අතර හෙලිකොප්ටරයක් ​​සහ මුර යාත්‍රා මගින් "Kazu I" ලෙස නම් කර ඇති මෙම යාත්‍රාව සෙවීම මෙහෙයුම් කටයුතු දිගටම කරගෙන යනු ලබයි. 

 

JCG ට අනුව සම්බන්ධතා නැති වීමට පෙර සෙනසුරාදා දහවල් 2 ට පමණ අංශක 30 ක් ඇල වන බව යාත්‍රාවේ ක්‍රියාකරු  ගොඩබිමට දන්වා තිබේ. 

 

සෙනසුරාදා දහවල් වන විට අධික රළ සහ තද සුළං නිරීක්ෂණය වූ බව ප්‍රාදේශීය ධීවර සමුපකාරය පැවැසූ අතර සියලු දෙනා ජීවිතාරක්ෂක කබා පැළඳ සිටි බව විශ්වාස කෙරේ.

130 Views

Comments