Niigata Prefectur's Itoigawa හි ස්වයං ප්රකාශිත "පාෂාණ නගරය" යේදී ප්රථම වරට අහඹු ලෙස තෝරාගත් ගල් වලින් සාදන ලද හොඳම ගල් මුහුණු නිර්ණය කිරීමේ තරඟයක් පසුගියදා පැවති අතර එහිදී හොඳම නිර්මාණ 10ක් සම්මාන දිනා ගැනීමට සමත් විය.
ගලකින් ගලකට වෙනස් වූ හැගිම් ප්රකාශනය කිරිමේ හැකියාව සහ ගල්වල වූ ආකර්ශනීය බව ජපානය පුරා සිටින මිනිසුන්ට දැනෙන්නට සැලැස්වීමේ අරමුණින් "Ishi no Kao Contest 2021" (ගල් මුහුණත තරඟය) පැවැත්විණි.
තරගකරුවන්ගේ නිර්මාණ වල ඡායාරූප මාස දෙකක පමණ කාලයක් Twitter සහ Instagram හි පළ කරන ලෙස තරඟ සංවිධායකයින් සහභාගිවන්නන්ගෙන් ඉල්ලා සිටි අතර වයස අවුරුදු 3 - 80 පරාසයේ වූ ජපන් තරගකරුවන් 1,327ක් මෙයට සහභාගි වි තිබේ.
Itoigawa නගරාධිපති Toru Yoneda සහ "Panda Sento" ඇතුළු පින්තූර පොත් සඳහා සුප්රසිද්ධ tupera tupera යන කලාකරුවන් යුගලය තරඟයේ විනිශ්චයකරුවන් වූ අතර ඔවුන්ගේ අධීක්ෂණයෙන් සම්මානලාභීන් තෝරා ගන්නා ලදී.