ප්රාන්තය තුළ වැඩි වශයෙන් රාත්රී රැඳී සිටීම් දිරිමත් කිරීම සඳහා පාසල් සංචාර වලදී සංවිධානය කරන දර්ශන නැරඹීමට සහ ප්රාන්තයේ නවාතැන් ගැනීමට වැයවන මුළු වියදමෙන් කොටසක් ආධාරයක් ලෙස ලබා දිමේ වැඩසටහනක් නාරා ප්රාන්ත රජය විසින් දියත් කර තිබේ.
බොහෝ සිසුන් පාසල් චාරිකා සඳහා නාරා වෙත පැමිණෙන නමුත් රාත්රී කාලයේදී අසල Kyoto ප්රාන්තයේ රැඳී සිටින බැවින්, දිවා චාරිකා සඳහා ප්රසිද්ධ ස්ථානයක් ලෙස ප්රාන්තයේ ගොඩනැගී ඇති ප්රතිරූපය බිඳ දැමීම මෙන්ම ප්රාන්තයේ ආකර්ශනීය බව ප්රවර්ධනය කිරීම මෙහි අරමුණ වේ.
නාරා නගරය හැර ප්රාන්තය තුළ අනෙක් හෝටල්වල හෝ තානායම්වල නවාතැන් ගෙන ප්රාන්තයේ සංචාරය කිරීමට සැලසුම් කළ ගමන් මාර්ගයක් තිබේ නම් එවැනි පාසල්වල එක් සිසුවෙකුට යෙන් 2,000 මෙන්ම ඉහළම සිමාව ලෙස පාසලකට යෙන් 100,000 නවාතැන් වියදමක් හිමිවේ. ප්රාන්ත රජය 2022 මැයි 18 සිට 2023 පෙබරවාරි අවසානය දක්වා මෙය ක්රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.