ඉන්ධන පිරවුම්හලේ  MRI ස්කෑන් සේවාව


MRI ජංගම සේවාවක් ඉන්ධන පිරවුම් හල් වල ආරම්භ වේ

.

මොළය පරීක්ෂා කිරීමේ සේවාව විශාල වාහනයක් තුළ MRI ස්කෑනරයක් සහිතව ජපානයේ ප්‍රථම වරට ජංගම වාහනයක් තුළ නිර්මාණය කොට තිබේ. 

 

Tokyo හි පිහිටි පෙට්‍රෝලියම් සමාගමක් වන Idemitsu Kosan Co. සහ Smart Scan විසින් මොළයේ MRI Scan සේවාවක් ලබා දෙන ජංගම වෛද්‍ය තොරතුරු තාක්ෂණ ආරම්භය දක්‌වමින් මෙම දුර්ලභ සේවාව අප්‍රේල් 23 දින  හඳුන්වා දෙන ලදී.

 

ජපානයේ ජනගහන අඩුවීම සහ මෝටර් රථවල ඉන්ධන කාර්යක්ෂමතාව වැඩි වීම මධ්‍යයේ පෙට්‍රල් සඳහා ඇති ඉල්ලුම පහත වැටීම හේතුවෙන් ඉන්ධන පිරවුම්හල් සංඛ්‍යාව අඩුවෙමින් පවතී . 

 

මෙනිසා ආහාර, සෞඛ්‍ය සහ වෙනත් සේවාවන් සැපයීම සඳහා "ස්මාර්ට් සාමාන්‍ය ගබඩා සංකල්පයක්" Idemitsu Kosan විසින් ඉදිරිපත් කර ඇති අතර රටපුරා ඉන්ධන පිරවුම්හල් ජාලය භාවිතා කිරීම මගින් ප්‍රදේශවාසීන්ගේ අවශ්‍යතා සැපයීම එමගින් සිදු කෙරේ. 

 

නිවැසියන්ට ක්‍රියාශීලීව වෛද්‍ය පරීක්ෂණ ලබා ගත හැකි වන පරිදි විවිධ ප්‍රදේශවලට ගමන්  කරන මෙම ජංගම සේවාව, වෛද්‍ය වියදම් අඩු කර ගැනීම සඳහා කලාතුරකින් ජනතාවට ලැබෙන අවස්ථාවක් ලෙස දැක්විය හැකි වේ.

117 Views

Comments