පසුගිය වසර 10 තුළ ජපානයේ මහජන ආරක්ෂාව


ජපානයේ මහජන ආරක්ෂාව පිළිබඳව වඩාත් සැලකිලිමත් වේ

.

මාර්තු මාසයේදී නිකුත් කරන ලද රජයේ සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූවන්ගේ ප්‍රතිඵලවලට අනුව අන්තර්ජාලය හරහා වංචා සහ සයිබර් අපරාධ පිළිබඳ බොහෝ දෙනෙකු කනස්සල්ල මතු කර ඇති අතර 50% වැඩි ප්‍රමාණයක් පසුගිය වසර 10 තුළ ජපානයේ මහජන ආරක්ෂාව නරක අතට හැරී ඇති බව තමන්ට දැනුනු බව පැවැසූහ. 

 

තමා හෝ තමන්ට සමීප අය අපරාධවලට ගොදුරු විය හැකි යැයි සිතන ස්ථාන පිළිබඳ ඇසූ බහු-පිළිතුරු ප්‍රශ්නයේදී මාර්ගගත අවකාශයන් 53.9% ක් ලෙස ලැයිස්තුවේ ඉහළින්ම සිටි අතර, වීදිවල 50.7% ක් සහ නගර ප්‍රදේශ 47.9% ලෙස සමික්ෂණයේ දක්වා තිබේ. 

 

2021 දෙසැම්බර් සහ 2022 ජනවාරි අතර සිදු කරන ලද තැපැල් සමීක්ෂණය ජපන් ජාතිකත්වය සහිත වයස අවුරුදු 18 හෝ ඊට වැඩි අය ඉලක්ක කරගෙන ඇති අතර පුද්ගලයන් 1,790 දෙනෙකු ඒ සදහා ප්‍රතිචාර දක්වා ඇති බව වාර්තා වේ.

Comments