Datsun  නිෂ්පාදනය අවසන් කළ Nissan


Nissan සමාගම Datsun නිෂ්පාදනය නිමා කරයි

.

දුර්වල විකුණුම් මධ්‍යයේ නැඟී එන වෙළඳපොල සඳහා Nissan මෝටර් සමාගම සිය Datsun සන්නාමයේ වාහන නිෂ්පාදනය කිරීම අවසන් කර ඇති බව සමිප මූලාශ්‍ර සඳුදා වාර්තා කළේය. 

 

ජපන් වාහන නිෂ්පාදකයා 2014 දී හිටපු ප්‍රධාන විධායක නිලධාරී Carlos Ghosn යටතේ Datsun සන්නාමය පුනර්ජීවනය කල අතර නැගී එන වෙළඳපල කෙරෙහි අවධානය යොමු කර ඉන්දුනීසියාව, රුසියාව සහ ඉන්දියාවේ දැරිය හැකි වාහන නිෂ්පාදනය කර තිබේ. 

 

නමුත් Datsun වාහන පසුගිය වසර කිහිපය තුළ තීව්‍ර තරඟයක් මධ්‍යයේ දුර්වල අලෙවියක් අත්කර ගත් අතර, රටවල් කිහිපයක කර්මාන්තශාලා වසා දැමීමෙන් සිය නිෂ්පාදනය විධිමත් කිරීමට සමාගමට සිදු විය.

 

සමාගම විසින් 2026 මූල්‍ය වර්ෂය වන විට විද්‍යුත්කරණය සඳහා යෙන් ට්‍රිලියන 2ක් වැය කිරීමට සැලසුම් කර ඇති අතර, විද්‍යුත් වාහන මාදිලි 23ක් දියත් කිරීමට ඉලක්ක කරයි.

145 Views

Comments