අවට පරිසරය පිළිබඳ තත්‍ය කාලීන තොරතුරු භාවිතා කරමින් අනතුරු වළක්වා ගැනීම සඳහා රියදුරු සහය තාක්ෂණය උපයෝගී කරගනිමින් දැඩි ලෙස වැඩිදියුණු කෙරෙන නව මෝටර් රථ මාදිලි 2030 මූල්‍ය වර්ෂය වන විට සන්නද්ධ කිරීමට අපේක්ෂා කරන බව Nissan Motor Co. සඳුදා ප්‍රකාශ කළේය.
" දැනට සිදුවන අනතුරු වලින් 30% ක් පමණ වත්මන් රියදුරු-සහාය තාක්ෂණයෙන් ආවරණය කළ හැකි නමුත් මෙම ස්වයංක්‍රීය හදිසි තාක්ෂණය හරහා, ඒවායින් 90% කට වඩා වැඩි ප්‍රමාණයක් ආවරණය කළ හැකි බව අපි විශ්වාස කරමු" යනුවෙන් ජ්‍යෙෂ්ඨ උප සභාපති Takao Asami පැවසීය.
මෙම තාක්ෂණය භාවිතා කරමින් , වාහනයක ඉහළ ක්‍රියාකාරී Lidar සංවේදකය මෙන්ම කැමරා සහ රේඩාර් මගින් රැස් කරන තොරතුරු ඒකාබද්ධ කොට 300m ක් දුරින් ඇති බාධක හඳුනාගෙන මංතීරු වෙනස් කිරීම වැනි හදිසි ක්‍රියාමාර්ග ගත හැකි බව Nissan සමාගම විසින් පෙන්වා දෙන ලදී.