නැවත විවෘත කෙරෙන Kyiv හි අමෙරිකානු තානාපති කාර්යාලය


යුක්රේනයේ ඇමරිකානු තානාපති කාර්යාලය නැවත විවෘත වේ

.

රුසියාව නැගෙනහිර යුරෝපීය රටට එරෙහි යුද්ධයේදී “අසාර්ථක” වී ඇති බව තක්සේරු කරමින් රාජ්‍ය ලේකම් Antony Blinken සඳුදා කියා සිටියේ එක්සත් ජනපද රජය සිය රාජ්‍ය තාන්ත්‍රිකයින් මේ සතියේ යුක්‍රේනයට යැවීමට මෙන්ම නව තානාපතිවරයෙකු එම තනතුර සඳහා නම් කිරීමට නියමිත බවයි. 

 

Antony විසින් සදුදා දින ආරක්ෂක ලේකම් Lloyd Austin සමඟ Kyiv වෙත ගිය සංචාරය අතරතුර පෝලන්තයේදි මෙම ප්‍රකාශය කරන ලදී. 

 

යුද්ධයෙන් බැට කෑ රටේ එක්සත් ජනපද රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ පැමිණීම වැඩි කිරීම, යුද්ධයේ ආරම්භය මධ්‍යයේ සිය මෙහෙයුම් අත්හිටුවන ලද Kyiv හි එක්සත් ජනපද තානාපති කාර්යාලය නැවත විවෘත කිරීමේ ක්‍රියාවලියේ කොටසක් වන බව අගනුවරදී යුක්‍රේන ජනාධිපති Volodymyr Zelenskyy සමඟ පැවති රැස්වීමකදී Blinken පැවැසීය. 

 

Slovakia වේ එක්සත් ජනපද තානාපතිනි ලෙස දැනට සේවය කරන Bridget Brink යුක්‍රේනයේ නව නියෝජිතයෙකු ලෙස සේවය කිරීම වෙනුවෙන් නම් කිරීමට Biden තීරණය කර ඇති බව Blinken ප්‍රකාශ කළේය.

Comments