රටවල් අතර එන්නත් බෙදාහැරීමේ අසමතාව දේශගුණික විපර්යාස සටන වළක්වයි.


පැතිර යන Covid 19 වසංගතය මර්ධනය කිරීම සඳහා ලොව පුරා බෙදා හරින එන්නත් ධනවත් රටවල් සහ දියුණු වෙමින් පවතින රටවල් අතර  ??

.

පැතිර යන Covid 19 වසංගතය මර්ධනය කිරීම සඳහා ලොව පුරා බෙදා හරින එන්නත් ධනවත් රටවල් සහ දියුණු වෙමින් පවතින රටවල් අතර  අසමානව බෙදාහැරීම හේතුකොටගෙන  ගෝලීයව මුහුණ දෙන කාලගුණ විපර්යාස වැනි  ඇතැම් තර්ජන මර්ධනය  කරගැනීමේදී   ඇතිකරගත යුතු සහයෝගීතාවයට බලපෑම් එල්ල කරන බව ලෝක ආර්ථික සමුළුව අනතුරු අඟවා ඇත .

 

 

ලෝකයේ බලවත් සහ ධනවත් රටවල් අතර ඇති වාර්ෂික Davos හමුවේදි , Swiss පදනම ඔවුන්ගේ  වාර්ෂික ගෝලීය අවදානම් වාර්තා වේ  දක්වා තිබුණේ එන්නත ඇති සහ නැති යන දෙපිරිස ප්‍රතිවිරුද්ධ මාර්ග වල ගමන් ගන්නා බවයි.

 

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව  ලොවපුරා රටවල් 98ක් තවමත් එන්නත්කරණය කර ඇත්තේ ඔවුන්ගේ මුළු ජනගහනයෙන් 40% ක ප්‍රමාණයක් පමණි. මෙය බොහෝ බටහිර රටවල් වලට සාපේක්ෂව  ඉතා දුර්වල  එන්නත් කරන තත්ත්වයකි.

 

297 Views

Comments