මිනිස් අස්ථි කොටස් සොයා ගත් අපරාධ භූමිය


කඳුකර ප්‍රදේශයක තිබී මිනිස් හිස් කබලක් හමුවේ

.

ටෝකියෝවේ බටහිර Yamanashi ප්‍රාන්තයේ වසර දෙකහමාරකට පෙර 9 හැවිරිදි දැරියක් අතුරුදහන් වූ කඳුකර ප්‍රදේශයේ කඳවුරු භූමියක් අසල තිබියදී මිනිස් හිස් කබලක කොටසක් සොයාගෙන ඇති බව විමර්ශන ආරංචි මාර්ග පැවැසීය. 

 

2019 සැප්තැම්බර් මාසයේදී පවුලේ අය සමඟ Doshi ගම්මානයේ කඳවුරු භූමියට පැමිණි Chiba ප්‍රාන්තයේ Narita හි Misaki Ogura දැරිය ඊට ටික වේලාවකට පසු එම ස්ථානයෙන් අතුරුදහන් වී ඇති අතර හමුවූ අස්ථි කොටස් ඇගේ දේහයට අයත් දැයි තීරණය කිරීමට පොලිසිය කටයුතු කරමින් සිටී. 

 

ප්‍රාන්ත පොලිසියට අනුව, වයස අවුරුදු 40 ක පුද්ගලයකු විසින් සෙනසුරාදා කඳවුරු භූමියේ සිට 600m පමණ නැගෙනහිරින් වූ කඳුකර මාර්ගයේ පැත්තක තිබී අස්ථි නටබුන් සොයා ගෙන ඇති අතර, දින දෙකකට පසු එය ඡායාරූපයක් සමඟ ගමේ පොලිසියට වාර්තා කොට ඇත. 

 

අඟහරුවාදා සිදු කරන ලද මරණ පරීක්ෂණයකදී එම අස්ථි  මිනිස් හිස් කබලක කොටසක් ලෙස හඳුනාගත් බැවින් පොලිසිය එදිනම 40 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සමඟ ප්‍රදේශය සෝදිසි කළ අතර මෙහෙයුම් කටයුතු ඉදිරි දිනවලදී දිගටම සිදු කිරීමට සැලසුම් කර තිබේ

131 Views

Comments