දේශසීමා පාලනය ලිහිල් කිරීමට නියමිත ජපානය


ජපානයේ සංචාරකයන් සඳහා තම දේශය විවෘත කිරීමට බලාපොරොත්තු වේ

.

බිඳ වැටෙන ආර්ථිකය නංවාලීම වෙනුවෙන් සංචාරකයින් සඳහා රටේ පවතින COVID දේශසීමා ක්‍රමයෙන් නැවත විවෘත කරමින් සංචාරක කර්මාන්තය සාමාන්‍යකරණය කරන ලෙස රාජ්‍ය මණ්ඩලයේ ඇතැම් සාමාජිකයින් බදාදා ඉල්ලීම් සිදු කොට තිබේ. 

 

ආසාධිතයන් මැඩපැවැත්වීම සඳහා එවැනි සීමාවන් ඵලදායී බවින් අඩු බව තහවුරු වීම නිසා රජය විදේශ සංචාරකයන්ට පනවා ඇති දෛනික සීමාවන් මෙන්ම ජපානයට ඇතුළු වීමට අවශ්‍ය අතිරේක සංක්‍රමණ ක්‍රියා පටිපාටිද ලිහිල් කළ යුතු බවට ආර්ථික හා මූල්‍ය ප්‍රතිපත්ති පිළිබඳ කවුන්සිලයේ පෞද්ගලික අංශයේ සාමාජිකයින් අදහස් දක්වා තිබේ. 

 

" රටේ සංචාරක ශේෂයේ අඩුවීම නිසා ඇති වූ ජංගම ගිණුමේ අඩුවන අතිරික්තය සමඟ කටයුතු කිරීම සඳහා පැමිණෙන සංචාරකයින් පිළිගැනීම ක්‍රමානුකූලව නැවත ආරම්භ කළ යුතු බව" ජපානයේ විශාලතම ව්‍යාපාරික ලොබිය වන Keidanren හි ප්‍රධානියා වන Masakazu Tokura ඇතුළු පුද්ගලික අංශයේ සාමාජිකයින් සිව් දෙනෙකු පැවැසීය.

111 Views

Comments