උස් රළ නොතකා යාත්‍රා කිරීමට බල කළ සභාපතිවරයා


Hokkaido නාවික යාත්‍රා අනතුරේ හේතු හෙළිවේ

.

පසුගිය සති අන්තයේ පුද්ගලයින් 26 දෙනෙකු සමඟ Hokkaido ඔබ්බෙන් වූ මුහුදේදී අතුරුදන් වූ සංචාරක බෝට්ටුවේ ක්‍රියාකරුගේ සභාපතිවරයා විසින් ඉහළ රළ නොතකා පිටව යන ලෙස නැවත නැවතත් ක්‍රියාකරු හට බල කර ඇති බව සමාගමේ ව්‍යාපාර පිළිබඳ දැනුම ඇති මූලාශ්‍ර බ්‍රහස්පතින්දා ප්‍රකාශ කොට තිබේ. 

 

මාරාන්තික අනතුරට නිශ්චිත හේතුව තවමත් අපැහැදිලිව පවතින නමුත් 19-ton Kazu I ක්‍රියාකරු වූ Shari නගරයේ Shiretoko Yuransen, අයහපත් කාලගුණික තත්ත්වයන් නොතකා නිතර නැරඹුම් චාරිකා සඳහා ප්‍රසිද්ධියක් උසුලන බව සඳහන් වේ. 

 

මාරාන්තික අනතුරට පෙර සිටම ආරක්‍ෂක හේතූන් දක්වමින් සමාගමේ සේවයේ නියුතු කපිතාන්වරයා සංචාරය අවලංගු කිරීමට හෝ යාත්‍රා කිරීමට මැලි වූ විට ඔහු සමග සභාපති Seiichi Katsurada කෝපයට පත් වූ බව ආරංචි මාර්ග පවසයි.

122 Views

Comments