කාන්තාවකට තුවාල කොට සියදිවි නසා ගත් පුද්ගලයා


කාන්තාවකට තුවාල සිදුකර පුද්ගලයෙකු සියදිවි නසා ගනී

.

සිකුරාදා අලුයම කාන්තාවකට පිහියෙන් ඇන මරණයට පත් කිරීමට උත්සාහ කළ ආයුධ සන්නද්ධ 30 හැවිරිදි පුද්ගලයෙකු ටෝකියෝ මහල් නිවාසයක මියගොස් සිටියදී සොයා ගෙන තිබේ. 

 

ජපාන අගනුවර Ota Ward හි මහල් නිවාසයට පොලිසිය ඇතුළු වනවිට දෙවතාවක් වෙඩි හඬ ඇසුණු බවත් හිසට බරපතළ තුවාල සහිතව බිමවැටී සිටි පුද්ගලයා මියගොස් සිටි බවත් තහවුරු වූ බව පොලිසිය පැවැසීය . ගැටුමට පෙර මහල් නිවාසයේදී 40 හැවිරිදි කාන්තාවට ඔහු විසින් පහර දී ඇති අතර පුරුෂයා සහ ස්ත්‍රිය අතර සම්බන්ධය දැනට හෙළි වී නොමැත .

 

රාත්‍රී 10.30 ට පමණ ලැබුණු හදිසි ඇමතුම අනුව නිලධාරීන් මහල් නිවාසයට ඇතුළු වී ඇත. පිහි ඇනුමකට ලක්ව වම් අත තුවාල ලබා සිටි කාන්තාව තුන්වන මහල පිටත සිටියදී සොයාගෙන රෝහල් ගත කර ඇති අතර ඇයගේ තුවාල ජීවිතයට තර්ජනයක් නොවන බව පොලිසිය පවසයි.

120 Views

Comments