අප්‍රේල් 29 වන සිකුරාදා දින Tokyo අගනුවර නව Corona ආසාදිතයින් 3,893 ක් වාර්තා වූ බව ටෝකියෝ මෙට්‍රොපොලිටන් රජය නිවේදනය කළේය.
නව ආසාදිතයින් 3893 න් 1882 කට COVID එන්නත් මාත්‍රා දෙකක් සහ 48 කට එක් එන්නත් මාත්‍රාවක් ලබා දී තිබේ. ආසාදිතයින් 972 කිසිඳු එන්නතක් ලබා ගෙන නොමැති අතර 991 දෙනෙකුගේ එන්නත් තත්ත්වය නොදන්නා බව පැවැසේ.
අප්‍රේල් 29 වන දින COVID-19 මරණ පහක් වාර්තා වි ඇති අතර අද වන විට ටෝකියෝවේ මුළු Corona මරණ සංඛ්‍යාව 4,328 කි.ටෝකියෝවෙන් මේ දක්වා මුළු ආසාදන 1,435,784 ක් වාර්තා වී ඇති අතර එය ජපානයේ ප්‍රාන්ත 47 න් වැඩිම සංඛ්‍යාව වේ.