කල් දැමුණු ජපානයේ සෝවියට් චිත්‍රපට උළෙල


ජපානයේ පැවැත්වීමට නියමිතව තිබූ සෝවියට් සිනමා උළෙල කල් දැමේ

.

රුසියාවේ යුක්‍රේන ආක්‍රමණය මධ්‍යයේ ගැටුමට ගොදුරුවන්නන් ගේ සංඛ්‍යාව අඛණ්‌ඩව ඉහළ යමින් පවතින බැවින් නිරිතදිග ජපානයේ Fukuoka නගරයේ මහජන පුස්තකාලය විසින් පැවැත්විමට සැලසුම් කර තිබු සෝවියට් සංගමයේ චිත්‍රපට ප්‍රදර්ශන උත්සවය කල් දමා තිබේ .

 

1981 දී එක්සත් ජනපද ඇකඩමි සම්මාන උළෙලේ හොඳම විදේශීය භාෂා චිත්‍රපටය , 1960 සිට 1980 දක්වා රුසියාවේ පූර්වගාමී රාජ්‍යයෙන් විසින් සාදන ලද චිත්‍රපට, දෙවන ලෝක සංග්‍රාමය පසුබිම් කරගත් 1965 "Zhavoronok" (The Lark) වැනි යුද තේමා සහිත චිත්‍රපට සහ "Moscow Does Not Believe in Tears" යන චිත්‍රපට ප්‍රදර්ශනය කිරීමට නියමිත බව පුස්තකාල නිලධාරීන් මෑතකදී පවසා තිබේ.

 

නමුත් තිරගත කිරීමට නියමිත චිත්‍රපට 12න් හතරක් යුක්‍රේනය පිළිබඳව හෝ යුක්‍රේන අධ්‍යක්ෂවරුන් විසින් කරන ලද ඒවා වූ අතර අනෙක් චිත්‍රපට රුසියාව සහ රුසියාවේ වර්තමාන ස්වෛරී ජාතීන් මෙන්ම ප්‍රදේශ කිහිපයක් ආවරණය වන කොමියුනිස්ට් රාජ්‍යයේ විවිධ ප්‍රදේශ පිළිබඳව අන්තර්ගත වන පරිදි නිෂ්පාදනය කර ඇති බැවින් මෙලෙස දින නියමයක් නොමැතිව ප්‍රදර්ශනය කල් දැමූ බව සඳහන් වේ. 

 

"කලාව සහ දේශපාලනය වෙනම මානයන් මත රදා පවතී. නමුත් යුද්ධයට ගොදුරු වූවන්ගේ සංඛ්‍යාව වැඩි වන විට තිරගත කිරීම පිළිබඳ මහජනතාවගේ අවබෝධය ලබා ගැනීම දුෂ්කර ය " යනුවෙන් පුස්තකාලයේ සාහිත්‍ය හා චිත්‍රපට අංශයේ ප්‍රධානී Kazuoki Takasu අදහස් දක්‌වමින් පැවැසීය.

160 Views

Comments