ගිලා බැසීමෙන් අනතුරට පත් වූ මෝටර් රථය


ඔසාකා නගරයේ මාර්ගයක් ගිලා බසී

.

ඔසාකා නගරයේ පෙරේදා රාත්‍රියේ සිදු කළ මලාපවහන නල ඉදිකිරීමේ කටයුත්තකින් පසු අප්‍රේල් 29 වන දින ප.ව 3.35 ට පමණ එම මාර්ගයේ හදිසි විවෘත ගිලා බැසීමක් සිදුවි ඇති අතර එමඟින් මාර්ගයේ ගමන් කරමින් තිබූ  මෝටර් රථයක් අනතුරට පත් වී තිබේ. 

 

Osaka City Construction Bureau හි දකුණු ප්‍රදේශ කළමනාකරණ කාර්යාලයට අනුව, නගරයේ Higashisumiyoshi වාට්ටුවේ Osaka ප්‍රාන්ත මාර්ගයේ මෙලෙස ගිලා බැසීමෙන් ඇතිවූ කුහරය 1.9m පළල, 2.3m දිග සහ 1.5m පමණ ගැඹුරකින් යුක්ත වේ.

 

50 හැවිරිදි ප්‍රාන්තයේ පදිංචිකරුවෙකු විසින් පැදවූ මෝටර් රථය මෙලෙස අනතුරට ලක්ව ඇති අතර එය සිදුරේ සිරවී ඉදිරිපස බම්පරයට හානි සිදුවී ඇති බව ඔසාකා ප්‍රාන්ත පොලිසියේ Higashisumiyoshi පොලිස් ස්ථානය පැවැසීය

104 Views

Comments