රට තුළ පහළ යමින් පවතින Corona ආසාදිතයන්ගේ මට්ටම


ජපානය තුළ corona ආසාදිතයන්ගේ ප්‍රමාණය ක්‍රමයෙන් පහළ බසී

.

ජපාන අගනුවර නව Corona ආසාදිතයින් 2979 ක් අද දිනය තුළදී වාර්තා වූ බව ටෝකියෝ මෙට්‍රොපොලිටන් රජය නිවේදනය කළේය.

 

ආසාදිතයන් 2979 න් 1485 කට COVID-19 එන්නත් දෙකක්ද  23 දෙනෙකුට එක් එන්නතක් ද ලබා දී තිබේ. ආසාදිතයින් 717 කට එක් එන්නතක් හෝ ලබා දී නොමැති අතර  754 දෙනෙකුගේ එන්නත් තත්ත්වය නොදන්නා බව පැවැසේ .

 

අප්‍රේල් 30 වන විට, අගනුවර Corona වෛරස නම් කරන ලද ඇඳන් 7229 න් 1442 ක් එනම් 19.9% දක්වා මෙන්ම දරුණු රෝගීන් සඳහා භාවිතයේ පවතින ඇඳන් 804 න් 35 ක් එනම් 4.4% ක් පිරී තිබේ. 

 

අප්‍රේල් 30 වන දින COVID-19 මරණ කිසිවක් වාර්තා වි නොමැති අතර ටෝකියෝවේ මුළු Corona මරණ සංඛ්‍යාව අද දින වනවිට 4328 ක්  වේ.

128 Views

Comments