අත්අඩංගුවට පත්වූ Tokyo හි රැප් ගායකයා


Graffiti නීතිය කැඩු රැප් ගායකයා පොලිස් අත්අඩංගුවට පත් වෙයි

.

රැප්, ඩීජේ කිරීම, බ්‍රේක් ඩාන්ස් සහ Graffiti හිපොප් සංස්කෘතියේ කුළුණු හතර ලෙස හදුන්වනු ලබන අතර අවසානයට පවතින Graffiti යනු පහසුවෙන්ම කලාව තුළ මතභේදාත්මක, පොදු අවකාශයේ අභියෝගාත්මක සංකල්ප, ප්‍රකාශනයේ නිදහස සහ නිර්වචනය කරන අංගයයි. 

 

"ස්වයං-ප්‍රකාශිත රැප් ගායකයෙකු" වශයෙන් සිත්ගන්නාසුළු ලෙස හදුන්වනු ලබන 42 හැවිරිදි පුද්ගලයෙකු  හිපොප් ප්‍රසංගයක් නරඹා නිවස බලා යමින් සිටියදී මෙම Graffiti ලෙස හැඳින්වෙන නීතිය කඩ කොට තිබේ. 

 

අතිශයින් මත් වී සිටි ඔහු විසින් කහ පැහැ තීන්ත ආලේප කරමින් මතුපිට අකුරු කරමින් ඔහු ගමන් කරමින් සිටි දුම්රිය විනාශ කොට ඇති අතර මාර්තු 25 දින අලුයම 2 ට පමණ Sawada Yamanote Line දුම්රිය මැදිරියක මෙය සිදුවී ඇත . දුම්රියේ දොර පිරිසිදු කිරීමට පමණක්  දළ වශයෙන් යෙන් 80,000ක මුදලක් වැය වන බව පැවසේ.

Comments