මාරක බස් රථ අනතුරේ දශකපූර්ණ අනුස්මරණය


Gunma pranti සිදු වූ මාරක බස් අනතුරේ අනුස්මරණය සිදු කෙරෙයි

.

Gunma ප්‍රාන්තයේදි 2012 අප්‍රේල් මාස 29 දින අලුයම සිදුවූ මාරක බස් රථ අනතුරින් මියගිය පුද්ගලයන්ගේ ඥාතීන් සහ මිතුරන් 30 දෙනෙකු පමණ එක්ව  2022 අප්‍රේල් 29 එනම් සිකුරාදා දින අනතුර සිදුවූ ස්ථානයේ මල් තබා ඔවුන් වෙනුවෙන් යාඥා කොට තිබේ. 

 

Gunma ප්‍රාන්තයේ Fujioka හි Kanetsu අධිවේගී මාර්ගයේ Ishikawa ප්‍රාන්තයේ Kanazawa සිට Chiba ප්‍රාන්තයේ Tokyo Disneyland වෙත ගමන් කරමින් තිබූ රාත්‍රී සංචාරක බස් රථයක් පාර අයිනේ තාප්පයක ගැටීමෙන් මෙම අනතුර සිදුවූ අතර මගීන් හත් දෙනෙකු මිය ගොස් තවත් 38 දෙනෙකුට තුවාල සිදුවිය. 

 

අනතුරින් පසු, රියදුරු Sleep apnea syndrome රෝගයෙන් පෙළෙන බව හඳුනාගෙන ඇති අතර, අනතුරට මොහොතකට පෙර ඔහුට නිදිමත දැනුණු බව ඔහු විසින් පිළිගෙන තිබේ. මෙම තත්ත්වය යටතේ ප්‍රවාහන අමාත්‍යාංශය රාත්‍රී බස්රථ රියදුරන් හට නව රෙගුලාසි හඳුන්වා දුන් අතර, ආරක්ෂාව සහතික කිරීම සඳහා සංචාරක බස් රථ රියදුරෙකුගේ රාත්‍රී ගමන් දුර 670Km වූ ඉහළ සීමාවේ සිට දිනකට 400Km ලෙස පහළ අගයකට සීමා කරමින් නීති පැනවීය.

105 Views

Comments