යුක්රේනයේ යුද්ධය දිගටම පවතින තත්වයක් යටතේ මහා විනාශකාරී ආයුධ භාවිතයට එරෙහිව අනතුරු අඟවමින් රාජ්‍යවල ස්වෛරීභාවයට ගරු කිරීමේ වැදගත්කම තේමා කොට ගෙන ජපාන අගමැති Fumio Kishida විසින් ඔහුගේ වියට්නාම සහකරු Pham Minh Chinh සමඟ ඉරිදා දින සාකච්ඡා පවත්වනු ලැබිණි.
අග්නිදිග ආසියාව සහ යුරෝපය ආවරණය වන පරිදි ක්‍රියාත්මක වන Kishidaගේ දින අටක සංචාරයේ දෙවන අදියර යටතේ වියට්නාමයේ Hanoi හි පැවති හමුවකදී, ආරක්ෂක සහ ආර්ථික ක්ෂේත්රවල සමීප ද්විපාර්ශ්වික සහයෝගීතාව සඳහා අග්‍රාමාත්‍යවරුන් දෙදෙනා ඔවුන්ගේ කැපවීම ද තහවුරු කොට තිබේ.
"රාජ්‍යයන්ගේ ස්වාධීනත්වයට සහ ස්වෛරීභාවයට ගරු කිරීමේ මූලධර්මයට රටවල් අවනත විය යුතු බවත් ඕනෑම කලාපයක පවතින තත්ත්වය බලහත්කාරයෙන් වෙනස් කිරීමට අවසර නැති බවත් අපි තහවුරු කළෙමු" යනුවෙන් සාකච්ඡාවලින් පසු ඒකාබද්ධ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් Kishida පැවැසීය.