ලියුකේමියාව පරදා ආසියානු ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබූ Rikako


Rikako බාධා නො තකමින් තව තවත් ඉදිරියට යයි

.

2018 ආසියානු ක්‍රීඩා උළෙලේ MPV වන Rikako Ikee විසින් ජපානයේ ජාතික ශූරතාවලියේ කාන්තා මීටර් 100 නිදහස් ආර ඉසව්වෙන් තත්පර 53.83ක කාලයක් වාර්තා කරමින් එළැඹෙන සැප්තැම්බර් මාසයේ චීනයේ Hangzhou හි පැවැත්විමට නියමිත ක්‍රීඩා තරගාවලිය සඳහා  සුදුසුකම් ලබා ගැනීමට සෙනසුරාදා සමත් විය .

 

2018 දි Jakarta හි පැවැති ක්‍රීඩා උලෙළේදී රන් පදක්කම් හයක් දිනා ගැනීමට සමත් වූ Rikako 2019 පෙබරවාරි මාසයේදී ලියුකේමියාවෙන් පෙළෙන බව වෛද්‍ය පර්යේෂණ මගින් හදුනා ගෙන තිබේ. නමුත් ඇය ලියුකේමියාව පරදා පසුගිය ගිම්හානයේ පැවැත්වූ ටෝකියෝ ඔලිම්පික් උළෙලට තරඟ කිරීමට තරම් ශක්තිමත්ව  නැවත පැමිණියාය.

 

මෙම වසරේ ලෝක ශූරතාවලියට සුදුසුකම් ලැබීමට අසමත් වුවත් ඊට මාස දෙකකට පසුව පැවති 100m නිදහස් ආර ඉසව්වේ සුදුසුකම් ලැබීමේ ප්‍රමිතිය සපුරාලීමෙන් පසුව අදහස් දක්‌වමින් "මම අවංකවම සතුටු වෙනවා. තරගයට පෙර මම ඉතා චකිතයෙන්  කඳුළු අද්දරටම වී සිටියෙමි, නමුත් මම කළ කාර්යය ගැන මම විශ්වාස කළෙමි" යනුවෙන් Rikako පැවැසීය.

114 Views

Comments