යුක්‍රේනයේ සිසුන් පිළිගැනීමට සුදානම් වන ජපන් විශ්වවිද්‍යාල


Kyoto විශ්වවිද්‍යාලය යුක්රේන ජාතික සිසුන් සහ පර්යේෂකයන් පිළි ගැනීමට සූදානම් වෙයි

.

රුසියාවේ යුක්‍රේන ආක්‍රමණය හේතුවෙන් අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව අහිමි වූ යුක්‍රේනයේ සිසුන් පිළිගැනීමේ ක්‍රියාවලියේ ඇතැම් පියවරවල් Kyoto හි විශ්ව විද්‍යාල මගින් ආරම්භ කර තිබේ. 

 

නගරයේ Ukyo Ward හි Kyoto උසස් විද්‍යා විශ්ව විද්‍යාලය (KUAS) යුක්‍රේන සිසුන් සඳහා මාර්ගගත සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට ආරම්භ කළ අතර අයදුම්කරුවන් රාශියක් පෙනී සිටියහ.  පළමු සිසුන් කණ්ඩායම මැයි මස මුලදී ජපානයට පැමිණීමට නියමිත අතර සිසුන්ට මුහුණ දීමට සිදුවන විශාල වියදම් පියවා ගැනීම සදහා උපකාර කරන මෙන් විශ්ව විද්‍යාලය ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

 

අප්‍රේල් 14 වන දින මාර්ගගත සම්මුඛ පරීක්ෂණ ආරම්භ කළ අතර මේ වන විට සිසුන් 80 ක් පමණ අයදුම් කර තිබේ. සම්මුඛ පරීක්ෂණ සෑම අයදුම්කරුවෙකු සඳහාම පැයක පමණ කාලයක් පැවති අතර ඉංග්‍රීසි භාෂාවෙන් පැවැත්විණි

Comments