විදේශිකයන් වෙනුවෙන් වූ සහනාධාරය


ජපානයේ එරට තුළ වෙසෙන විදේශිකයන් සඳහා විශේෂ සහනාධාර හඳුන්වාදීමට බලාපොරොත්තු වේ

.

ඔසාකා පදනම් කරගත් සමාගමක් විසින් වසංගතය මධ්‍යයේ ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුවී ඇති විදේශීය ජාතිකයින් සඳහා මසකට එක් දිනක් පමණක් නොමිලේ ක්‍රියාත්මක වන ආපනශාලාවක් දියත්  කර තිබේ. 

 

නගරයේ Naniwa Ward හි පිහිටා ඇති Yolo Japan Corp. විසින් විදේශීය පදිංචිකරුවන්ට ඔවුන්ගේ වයස හෝ සම්භවය නොසලකා එදිනෙදා අවශ්‍යතා බෙදා ගැනීමේ ස්ථානයක් ලෙස මෙය නිර්මාණය කර ඇත. 

 

අප්‍රේල් 27 වන දින පළමු හමුවීම සදහා ජාත්‍යන්තර සිසුන් සහ රැකියා සොයන්නන් ඇතුළු 35 දෙනෙකු පමණ සහභාගී වී තිබේ. මෙහිදී රැකියා සොයන්නන් සඳහා සමාගම් සමඟ සම්මුඛ සාකච්ඡා ඇතුළු  නොමිලේ ආහාර, ජපන් භාෂා පාඩම් සහ ආධාර ලබා දී තිබේ. 

 

ආහාර සඳහා අරමුදල්  අනුග්‍රාහකයින් සහ වෙනත් ප්‍රභවයන්ගෙන් ලැබෙන පරිත්‍යාග මගිනි සපයා ගනු ලබන අතර භාෂා පාඩම Daiichi Gakuin උසස් පාසලේ සිසුන් විසින් සරල ජපන් භාවිතා කරමින් අන්තර්ජාලය හරහා ලබා දෙන ලදී.

158 Views

Comments