තේ බවට පත් වූ Osaka හි සැක කටයුතු වස්තුව


Osaka දුම්රිය පළකදී සැකකටයුතු ද්රාවණයක් සහිත බෝතලයක් හමුවේ

.

මැයි 2 වන දින උදෑසන ජපානයේ Universal Studios අසල දුම්රිය ස්ථානයක තිබියදී මගියෙකුට "සැක සහිත වස්තුවක්" හමු වී ඇති අතර, එනිසා දුම්රිය පැයක පමණ කාලයක් නතර කිරීමට සිදු වූ අතර, ගමන් ගත් අය ඇතුළු 11,200 ක පමණ පිරිසකගේ ගමනට බලපෑම් එල්ල වී ඇති බව වාර්තා වේ. 

 

Osaka ප්‍රාන්ත පොලිසියේ Konohana පොලිස් ස්ථානයට සහ වෙනත් මූලාශ්‍රවලට අනුව පෙ.ව 7.15 ට පමණ Osaka හි Konohana Ward හි Nishikujo දුම්රිය ස්ථානය බලා ගමන් කරමින් තිබූ සාමාන්‍ය මැදිරි අටකින් යුත් දුම්රිය Sakurajima දුම්රිය ස්ථානයේ නතර වූ විට දුම්රිය තුළ දියරයක් අඩංගු ප්ලාස්ටික් බෝතලයක් මගියෙකු විසින් සොයා ගෙන ඇති අතර එය පොලිසියට වාර්තා කළ පසුව නිලධාරීන් සහ ගිනි නිවන භටයන් එම ස්ථානයට දිව ගොස් පරික්ෂා කර තිබේ. 

 

එහි තිබූ දුඹුරු පැහැති දියරය පසුව තේ ලෙස හදුනාගෙන ඇති නමුත් මෙම සිදුවීම නිසා බටහිර ජපන් දුම්රිය සමාගමට අනුව, Sakurajima සහ Nishikujo දුම්රිය ස්ථාන අතර JR Sakurajima මාර්ගයේ දුම්රිය 14 ක් අවලංගු කිරීමට සිදු වී තිබේ.

140 Views

Comments